පුතුනේ මේ අහගන්න පුතුනේ

puthune me ahaganna

Lyrics

පුතුනේ මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න මං පොඩි කාලේ හද මාමා කිව් කථාව මේ අහගන්න පුතුනේ පුතුනේ මේ අහගන්න පුංචි කූඩුවක කැලයේ.... සැලලිහිණි ජෝඩුවක් උන්නා... ලස්සන සිංදු කියාලා.... පොඩි පුතා නැලෙවුවා දෙන්නා...... හිටි හැටියෙම දවසක් දා..... මොර සුරන වැස්සක් වැස්සා... ඇල දොල ගංගා පිරිලා.... වැහි වතුර ගල ගලා බැස්සා.... ලොකු සැඩ සුලගක් හමලා හෝ ගා ගස් මුල් දෙදරා ඇද දැමුවා..... පුතුනේ මේ අහගන්න......... අම්මයි අප්පයි දෙන්නා..... අනෙ දෙයියනෙ දෙයියනෙ කියලා.. පුංචි කුරුල්ලා ඉබලා.... මහ හයියෙන් විලාප දුන්නා...... කොයි කාගෙත් දුක දන්නා... මේ මුලු තුන් ලෝකෙට ලොක්කා.... පොඩි පුතා බදාගෙන හඩනා.... ඒ මවගේ දරු දුක දැක්කා.... හිත උනුවීලා අනුකම්පාවෙන් වැහි බිදු අහසට ඇද ගත්තාලු පායා හිරු පෙර වාග දිලුනා... වන මල් පිපිලා නැටුවා.... ඉන්පසු අම්මයි අප්පයි චුට්ටයි සතුටින් කල් ගෙවුවාලු පුතුනේ පුතුනේ මේ අහගන්න්.................

Song Details

Sinhala Title
පුතුනේ මේ අහගන්න පුතුනේ
English Title
puthune me ahaganna
සඅ

Artist

සුජාතා අත්තනායක

View all songs →