වැටෙන් එහා මල් පඳුරේ

weten eha mal padure

Lyrics

වැටෙන් එහා මල් පඳුරේ ඔබ පිපී වැනේ අත නුදුරේ මිලින උනත් ගන අඳුරේ මල් නෙලන්න නම් තහනම් සුවඳ ඇදෙයි මුලු ලොවට හොරෙන් නොවසා ඇති දොර කවුලු තුළින් සුවඳ දිදි.... සුවඳ දිදි තිබුනත් මිදුලේ මල් නෙලන්න නම් තහනම් වැටෙන් එහා .... තෙමුනත් දෙකොපුල් උණු කඳුළින් ඇසුනත් කෙදිරිය මුදු මුවගින් පිපුන නිසා අන් සතු උයනේ මල් නෙලන්න නම් තහනම් වැටෙන් එහා ....

Song Details

Sinhala Title
වැටෙන් එහා මල් පඳුරේ
English Title
weten eha mal padure
දව

Artist

දයාන් විතාරණ

View all songs →