Lyrics
අකීකරුද ඔබේ සිතත්
වෙරළේ පෙරළෙන රළ වාගේ
අකීකරුයි මගේ සිතත්
හමනා සැඩ සුළඟක් වාගේ
ඒ සුළගේ පාව යන්න
වළා රොදක් සේ නැගෙන්න
සුළඟ සැරෙන් හමනා විට
ගිනිදැල් තව තව ඇවිලේවී
ඒ ගින්දර නිවාලන්න
ඒ සුළඟම විවරණ දේවී
වෙරළේ රළ සැඩ වූවොත්
ඔරු කඳ කනපිට පෙරලේවී
නිසල වුනොත් ඒ රළ පෙළ
සුවසේ අප මෙගොඩ කරාවි
Song Details
- Sinhala Title
- අකීකරුද ඔබේ සිතත්
- English Title
- akikaruda obe sithath
- Artist
- එඩ්වඩ් ජයකොඩි
එජ
Artist
එඩ්වඩ් ජයකොඩි
View all songs →