හිත හෙමිහිට හදාගන්න

hitha hemihita hadaganna

Lyrics

හිත හෙමිහිට හදාගන්න රත්තරන් මට සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන සමරුපොතේ දඟ කෙරුවත් අපේ මතකය හදා ගන්න මට දෙන්න මගේ හදවත හදා ගන්න මට දෙන්න මගේ හදවත අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ කුළුදුලේම පෙම් බැන්දේ මා ඔබටයි රහසේ කියාගන්න බැරිවුවට හිතේ ආදරේ සිහිනෙන්වත් ඔයා ලගින් නෑ වෙන්වුවේ යහළු යෙහෙලියන් සමගින් අපි පාසල් පාරේ ඇවිද ගියපු මග පාළුයි අපි අද නෑ නේ කියාගන්න බැරිවුවට හිතේ ආදරේ සිතින් නේද අපි දෙන්නා ලංවී ආදරේ කලේ සිත හෙමිහිට හදාගන්න රත්තරන් මට සිහිනෙන්වත් එන්න එපා සුවද අරගෙන සමරුපොතේ දග කෙරුවත් අපේ මතකය හදා ගන්න මට දෙන්න මගේ හදවත හදා ගන්න මට දෙන්න මගේ හදවත

Song Details

Sinhala Title
හිත හෙමිහිට හදාගන්න
English Title
hitha hemihita hadaganna
චව

Artist

චාමර වීරසිංහ

View all songs →