Lyrics
කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ //
සෙවණැල්ල වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ //
පිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ සිතට සුව දේ
කිමද සුමිහිරියේ.....
කෙහෙරැල්ල වැටී නලලට සිරසේ
සිරලසේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටුවාම හදවත ඔබේ //
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද
කියන්න සුරතලියේ
කිමද සුමිහිරියේ....
Song Details
- Sinhala Title
- කිමද සුමිහිරියේ මේ අරුමේ
- English Title
- kimada sumihiriye
- Artist
- C.T. ප්‍රනාන්දු
Cප
Artist
C.T. ප්‍රනාන්දු
View all songs →