Lyrics
අහිමි කලත් ලොව මට පෙම් බැඳි ඔබ
නොනිමි සෙනෙහසට බැමි තනවා
අහිංසකයි ඔබ කුමක් කරන්නද
තනි වෙන්නම් කඳුලැලි සඟවා
තනි වෙන්නම් කඳුලැලි සඟවා
ශෝක තැවුල් සංතාප නොවෙන්නයි
කුළුඳුල් සෙනෙහස විවර කලේ....//
දහසක් පැතුමන් සිත ගවසාගෙන
මෙයටද අප ආදරය කලේ
අහිමි කලත්....
හුදෙකලාව මා සිටි බව දැනගෙන
අනුවන යයි ලොව පවසාවී....//
මා මල දවසේ මගේ සොහොන් කොත
පිවිතුරු සෙනෙහස පවසාවී
අහිමි කලත්....
Song Details
- Sinhala Title
- අහිමි කලත් ලොව මට
- English Title
- ahimi kalath lowa
- Artist
- ලලිත් පොන්නම්පෙරුම
ලප
Artist
ලලිත් පොන්නම්පෙරුම
View all songs →