තිඹිරි ගෙදර සිට

thibiri gedara sita

Lyrics

තිඹිරි ගෙදර සිට සොහොන් බිම වෙතයි අපේ ගමන්  මඟ විහිදෙන්නේ ඒ කෙටි මාවත සැරිසරනා අප කුමට සටන්වැද වෙහෙසෙන්නේ අනෙකෙකුගේ සොම්නස සිදලන්නට උදේ හවා ගිනිගෙන ඇවිදින්නේ තනිවම ආ අප වුන්හිටි ගමනේ තනිවම යන බව නොමැත සිතන්නේ තිඹිරි ගෙදර සිට ...................... තණ්හාවෙන්,වෛරයෙන් ,ක්‍රෝධයෙන් සිතින්  දහස් වර ඉපිද මැරෙන්නේ ඔබ අප හැම දෙන බෝ අම්බලමේ විඩා නිවන්නයි පැමිණ  සිටින්නේ තිඹිරි ගෙදර සිට ......................

Song Details

Sinhala Title
තිඹිරි ගෙදර සිට
English Title
thibiri gedara sita
නම

Artist

නන්දා මාලනී

View all songs →