ආලෝකේ අතීතයේ කඳුලින් මැවේවී

aloke athithaye kandulin

Lyrics

ආලෝකේ අතීතයේ කඳුලින් මැවේවී ජීව වේදනාවෝ මා හදේ ගිගුම් දේවී වැලි කෙළියේ මා දුටු ඒ සුරූපීය දේහේ නොපෙනී අද ඈගේ මදු ගීතය මට නෑසේ// මා හද ඉවුරේ පාලුව අතුරා ගී හඬ අහසේ ඈත ඇහෙනවා ජීවන කතරේ කෙළවර නොපෙනේ මා තැනු රං මාලිගාව කැඩී බිඳී විසිරිලා ආදරයේ ගීතිකාව බොල් සුළගේ පා වුණා සංවේගේ ගංගාව උතුරා ගලා වී ප්‍රේම කාමනාවෝ රළපතරේ හඬාවී// රං තරු මැළවී මිහිකුළු අතරේ මහ මාරුතයේ සුසුම් හෙලනවා මල්වර සමයේ සවනට කොඳුරා මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා කෝකිල කූජන අරණේ ඈ වෙනුවෙන් නැවතුණා සංවේගේ ගංගාව උතුරා ගලා වී ප්‍රේම කාමනාවෝ රළපතරේ හඬාවී//

Song Details

Sinhala Title
ආලෝකේ අතීතයේ කඳුලින් මැවේවී
English Title
aloke athithaye kandulin
එ

Artist

එච්.ආර්.ජෝතිපාල

View all songs →