හිරු මල් කිනිත්තක් දරා

hirumal kiniththak dara

Lyrics

හිරු මල් කිනිත්තක් දරා සිහිලැල් පියාපත් සලා සුළඟින් හොරෙන් මඟ අසා එන්නම් සැනින් ඔබ සොයා මතකෙන් බිඳක් ඉල්ලලා තුරුලෙන් ලැගුම් ගෙන එදා හසරැල් ලොවක් හිත මවා හෙට මා ඔයාගෙ වෙන්වා හෙට මා ඔයගෙ වෙන්වා සුපෙම් භාවනාවක් වාගේ මගේ දෙස බලා කියාදෙන්න ඔබගේ සෙනෙහස කොතෙක්දැයි කියා අහංකාර මාගේ හිත දැන් ඔබේ ළඟ තමා නොදන්නවා වාගේ ඈතින් තවත් ඉන්නෙපා හිතේ මැවුණු ප්‍රේම කවියේ හිඩැස් තැන් මකා හිඳින්නට හිතයි සුවසේ තුරුල් වී සදා රැයේ දුටුව හීන රහසේ හැබෑ වී මෙදා පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුණා පහන් තාරකාවක් මාගේ හදේ පායලා ගිලන් පෙම් පැතුම් හිත පතුලේ කොහේටද වෙලා නෙතින් වැටුණු කඳුලැල් ඔබගේ අතින් පිස දමා සිනසෙන්න ආසයි හැමකල් ඔබේ ලොව පුරා පහන් ටැඹ වෙලා දිවි ගමනේ නවාතැන් සොයා රැඳෙන්නට හිතයි සෙවණේ සුසුම් හැර දමා ඔබෙන් ලැබුණ ආදරේනම් අනන්තෙට එහා පුරුද්දක්ද මේ දිවියේ මටත් නොහැඟුණා හිරු මල් කිනිත්තක් දරා.... මතකෙන් ඉඩක් ඉල්ලලා.....