Lyrics
මගේ නීල නෙතු සඟලින්
මොනවද ඔබ ඉල්ලන්නේ
නළලේ කුංකුම තිලකය
ඔබට නේද අමතන්නේ
මගේ නීල නෙතු සඟලින්.....
මිදුලේ නිල් පුනීල මල්
හැන්දාවෙන් කාන්තියෙන්
ඔබ මට දුන් ඔබේ කවිය
උදුරාගෙන කියවනවා
මගේ නීල නෙතු සඟලින්.....
හඳ එළියේ හාන්සි වී
ඒක වියේ රස වින්දා
එදා රැයේ මගේ දෑස
ඔබේ නමින් ඉකි බින්දා
මගේ නීල නෙතු සඟලින්.....
Song Details
- Sinhala Title
- මගේ නීල නෙතු සඟලින්
- English Title
- mage neela nethu sangalin
- Artist
- ඉන්ද්‍රනි බෝගොඩ
ඉබ
Artist
ඉන්ද්‍රනි බෝගොඩ
View all songs →