උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට

udawadiya malak

Lyrics

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉදන්ම උඩවැඩියා කුමාරි රජමැදුරෙ උපන්න මට අවසර නැද්ද ඇවිත් නෙලාගන්නට ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම මගෙ හිත ඔබ ලග නැවතී මටත් හොරෙන්ම ලෙන්ගතු වූ ලය සුසුමින් සිදරු කරන්න සුන්දර ඔබ නපුරු වුනේ කොහොම කියන්න.... උඩවැඩියා........ පෙම්බර ලොව සිතැගි සුවද ටිකක් විදින්න ආදරයේ නැවුම් සුවද අරගෙන එන්න මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න... උඩවැඩියා.......

Song Details

Sinhala Title
උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
English Title
udawadiya malak
චව

Artist

චාමර වීරසිංහ

View all songs →