සිහින ගඟේ පිහිනා පිහිනා

sihina gage

Lyrics

සිහින ගඟේ පිහිනා පිහිනා කිමිදී රිදී දියේ සිනිඳු ළවැලි අතරේ සෙව්ව මැණික ඔබ ප්‍රියේ සඳුගේ සිසිල පානා පානා කරුණා දයා ගුණේ ගිමන නිමන ගමනේ සුවැති සෙවන හමු වුනේ සුසුමේ කඳුලේ වදනේ බැල්මේ තුසිතේ සැපත දැනේ එලොවයි මෙලොවයි දෙලොවම එක් වී දෙනෙතේ නිතර පෙනේ මහදේ ගලනා... සෙනෙහේ ගඟුලේ...// පෙම් රල වැල කැලතෙයි ඔබගේ ලයේහි රිද්මේ දැනිලා රන් හසඟන රඟතෙයි සිහින ගඟේ පිහිනා පිහිනා.. සඳුගේ සිසිල පානා පානා.. මෝහන ජීවන වීනාවේ නිති සත්සර නැගුනාවේ.. ඒ රස කාමය මා සතු ලෝකය සිත් ලෙස පිරුනාවේ අඳුරේ එලියේ...සැපතේ විපතේ...// දිගට ම එක එල්ලේ.. පිය මැන එක ලෙස එක මගෙහි ම එමි පණ ලෙස සෙවනැල්ලේ... සිහින ගඟේ පිහිනා පිහිනා.. සඳුගේ සිසිල පානා පානා..

Song Details

Sinhala Title
සිහින ගඟේ පිහිනා පිහිනා
English Title
sihina gage
මබ

Artist

මොහිදීන් බෙග්

View all songs →

සිහින ගඟේ පිහිනා පිහිනා (sihina gage) | Tediya Lyrics