තාරුකා පෙලින් එහා

tharuka pelin eha

Lyrics

තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ ලෝකයයි සුරංගනා මනෝනන්ද පෙම්වන්තයෝ එහේ ගිහින් ඉදින්නෙලු... ආදරේ සුරංගනා ලෝකයේ පහන් වැටේ රත්තරං පහන් තරු කරයි අන්න ආරාධනා එහේ ඉදින්න එන්නලූ... ආදරේ කුමාරි හා..... කදු නිම්නේ අප දෙන්නා තනිවීලා සුදු මීදුම් අප දෑතේ පැටලීලා මේ සැන්දෑ පවනැල්ලේ හරි සීතයි ඔබ මා ඉන්නේ මිනිසුන්ගෙන් දුර ඈතයි පෙම් සැදෑව මේ සුරගනා ලොවේ යහන්‍තලා වේවිදෝ මන්දා... තාරුකා පෙලින් එහා සේද නිල් ගුවන් තලේ රත්තරං පහන් තරු කරයි අන්න ආරාධනා එහේ ඉදින්න එන්නලු... ආදරේ කුමාරි හා..... අත් පටලා තුරු අතරින් දිව යමුදෝ සිරිපොද වැස්සේ අපි තෙමිලා ගුලිවෙමුදෝ අපි දෙන්නයි සැන්දැවයි කදු රෑනයි හමු වූ යාමේ මේ යාමේ මට සීතයි..... පෙම් සැදෑව මේ....... තාරුකා පෙලින්.......

Song Details

Sinhala Title
තාරුකා පෙලින් එහා
English Title
tharuka pelin eha

Artist

සමිතා-අතුල

View all songs →

තාරුකා පෙලින් එහා (tharuka pelin eha) | Tediya Lyrics