Lyrics
වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවා දමා
වසන්තේ අරන් අවිල්ලා සිහින් සීලයෙන් වෙලා//
අනේ මං බලාන උන්නා යලිත් ඔබ එතැයි කියා
සිනා රන් කැලුම් සලාලා මගේ සද උදා වෙලා//
පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා
ගැලූ පෙම් ගගුල් දැන් ඉතිරීලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා//
දසන්තේ පියා සලාලා සදේ රැස් හෙමින් උනා
සොයන්නේ ඔබේ රුවයි මා කොහේ හැංගුනේ කියා//
රැයේ සීතලෙන් මිදීලා තුශාරෙන් මුවා වෙලා
හිදින්නේ ඔබේ ළගයි මා සුසුම් උණුසුමක් පතා//
පැතූ පෙම් පැතුම්........//
Song Details
- Sinhala Title
- වලාකුල් වියන් තනාලා
- English Title
- walakul wiyan thanala
- Artist
- භාතිය / උමාරියා
භ/
Artist
භාතිය / උමාරියා
View all songs →