මගෙ අහසේ අදුර බිදින සඳවතී

mage ahase adura

Lyrics

මගෙ අහසේ අදුර බිදින සඳවතී අම්මේ ඔබ හැරෙන්න කවුරුද ලෝකේ හිරු සේ මගෙ ජීවිතයම එළි කළේ පියාණනී සෙනෙහස පිටාර ගැලුවේ අත්දෙක අල්ලන් මගෙ ඉස්සර වාගේ පාර කියන තරුකැට යුවළ නින්දනැතිව මට මඟ කියන වරදින්නේ මුලටම හරියන හින්දා පාඩම කියාදුන්නෙ ඔබමයි සැමදා සීමාවක් හොයන්න ඔබේ ආදරේ තව දුර එන්නද මම මේ ස‍‍ංසාරේ ආදරෙ වචනවලට හරවාගන්න අම්මේ පුළුවන්නම් කියලා දෙන්න අත්දෙක අල්ලන් මා වෙනුවෙන් වයසට ගිහින් අකාලේ හීනත් දකින්න ඇති නේද දවාලේ දෙපතුල ළඟ වැටිලා වැඳගෙන ඉන්න ආත්ම ගානක් මට උණුහුම දෙන්න ආදරෙ වචනවලට හරවාගන්න තාත්තෙ පුළුවන්නම් කියලාදෙන්න

Song Details

Sinhala Title
මගෙ අහසේ අදුර බිදින සඳවතී
English Title
mage ahase adura
ST

Artist

Sangeethe Teledrama

View all songs →