සුදු රල ගල් කුල මත හැපි හැපි

sudu rala gal kula

Lyrics

සුදු රල ගල් කුල මත හැපි හැපි පෙම් බැන්ද සවසක අපි සයුරු තෙරක සිසිලස වින්ද මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද ජීවිතයට මට අමතක නොවේ කිරින්ද මාගම්පුර වන්දනාව කොලොම්පුරේ සිට නෑ පිරිවර සමගින් ඔබ පැමිණිය දවසක..// අහම්බෙන් ම මම දුටුවා ලස්සන ඇස් දෙක වාඩිවෙලා ඔබ සිටිද්දි ගල් තලාව උඩ කිරින්දෙ හවසක.... සුදු රල ගල්..... එක දවසක එක හවසක සැගවී ගිය ඔබ ඊටපසුව හමුවුනෙ නෑ කවදාවත් මට..// මම නොදනිමි ඔබ කොහේද කාගේ කවුරුද යලි නිරතුරු ඔබ දකින්න එන්නයි මගෙ හිත කිරින්දෙ එනවද.... සුදු රල ගල්........

Song Details

Sinhala Title
සුදු රල ගල් කුල මත හැපි හැපි
English Title
sudu rala gal kula
චව

Artist

චාමර වීරසිංහ

View all songs →