අශෝකමාලා මමයි ස්වාමිනී

ashokamala mamai

Lyrics

අශෝකමාලා මමයි ස්වාමිනී අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකී මා චණ්ඩාලියකී ...// නොලැබෙන ලොවකට හඬා පලක් නෑ එපා රජුණි මට රාජ සුවේ...// තල් අතු මැදුරයි මේ වන අරණයි අපට අගේ අපෙ හීන කුලේ අශෝකමාලා මමයි ස්වාමිනී අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකී මා චණ්ඩාලියකී රජකුල පෙළපත එයින් කමක් නෑ එන්න එපා අතු පැලට මඟේ ..// ඈතින් දිලෙනා සඳට වඩා මට ළඟ ඉන්නා ඝණඳුරයි අගේ අශෝකමාලා මමයි ස්වාමිනී අශෝක මල් වනයේ රනේ රුවට රූ සපුව දිලෙන මුත් මා චණ්ඩාලියකී මා චණ්ඩාලියකී ...//

Song Details

Sinhala Title
අශෝකමාලා මමයි ස්වාමිනී
English Title
ashokamala mamai
චප

Artist

චන්ද්‍යලේඛා පෙරේරා

View all songs →

අශෝකමාලා මමයි ස්වාමිනී (ashokamala mamai) | Tediya Lyrics