Lyrics
සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි
සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
කුලී ගෙදර වහල කැඩී සිංහල උළු බිඳී
නිල් තරු එළි හීන රටින් ගලා හැලෙන්නේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ
සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි
සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
කණකර අන් සන්තක වී ජීවිත සින්න වී
පෝරුව ලෙඩ ඇඳක් වෙලා අම්මා නින්දේ
කුමාරියේ නුඹට කොහොම ඒක කියන්නේ
ඒක කියන්නේ
සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි
ප්‍රේමාතුර නුඹේ හිතට අගහිඟ නරකයි
අගහිඟ නරකයි
සිටු කුමාරියේ
නුඹට සීතල අගුණයි
වේල් පටින් මිදුණු දාට වැහි පිනි අපලයි ...//
Song Details
- Sinhala Title
- සිටු කුමාරියේ
- English Title
- situ kumariye
- Artist
- ගුණදාස කපුගේ
ගක
Artist
ගුණදාස කපුගේ
View all songs →