Lyrics
දුර කඳු යාය මටයි
නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි
මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ.....
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....
දුරකඳු යාය මටයි........
වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
කතරට සයුරක් මදි නෑ.....
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ.....
දුර කඳු යාය මටයි.....
Song Details
- Sinhala Title
- දුර කඳු යාය මටයි
- English Title
- dura kadu yaya matai
- Artist
- උපාලි රන්තිලක
උර
Artist
උපාලි රන්තිලක
View all songs →