රත්න දිප ජන්ම භූමි

rathna deepa janma

Lyrics

රත්න දිප ජන්ම භූමි ලංකදිප විජය භූමි මේ අපේ උදාර වු මතෘ භූමියයි ආදි සින්හලේ වීර මී මුතුන් ලේයින් සාර වූ උදාර වු මාතෘ භූමියයි මාණික්‍ය සේ පෝලෝ ගැබේ නිධාන වී ඇත්තේ ඒ අබිත දු පුතුන් ජාතියේ නාමයෙන් සන්ග්‍රාම භූමියේ ජිවිතේ පුදා හෙලු ලේ කදයි සින්දුපමාන වැව් තලා මතින් ඇදි පද්ම රේනුයෙන් සුගන්ද වි රන් කරල් නාමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නෙ උන් හෙලූ ප්‍රාන වායුවයි ගංගා තරංග රාව දි රිදි වනින් මල් පිපි කුලින් කුලේ හැපී ගායනා කරන්නේ ආකාෂයේ නැගී වීරයන්ගේ ඒ යෂෝ ගීතයයි

Song Details

Sinhala Title
රත්න දිප ජන්ම භූමි
English Title
rathna deepa janma
මස

Artist

මහගම සෙකර

View all songs →