මලක් අතහැර නොයමි දිවුරා

malak athahara

Lyrics

මලක් අතහැර නොයමි දිවුරා බදාගෙන හිටියාට මල්කෙමි හීන් නිලි වැස්සටත් වෙන්වෙයි ස්වකැමත්තෙන් ඇතම් මල්පෙතී ඉඩෝරෙන් පිපී මල් පෙතී ගලව ගලවා දුන් හැටී ඔබේ ලඟ ඒ කවි ඇතී මට කියා කිසිවක් නැතී වැව රවුමේ අත්තමට ගෑවෙන හිඳපු බංකුවේ දියසෙවල් පිස අදත් වැහිලෙනියෙකු තනිවම හිටියා නවවෙනි වළාකුල උඩ දවස් තිබුනා අපටත් දුරින් හිඳ මිලිනව හඳින් වෑහෙන ආලයෙන් අතින්වත් අත් නොහැරුණ ආදරය හඳවතට දැනුනා හුදකලාවත් ශාපයක් හීනපාවා දීම යන්නෙන් කරන්නට බැරි පාපයක් වසන්තේ මම වෙමි අනන්තය නුඹ නොවී සඳස් කව් ලිවි ලිවී ප්‍රේමයේ පින්කම් කෙරී ආදරය පිරිතකී ජීවිතේ සිරිතකී පන්හිදේ එති එතී කවි තිඹිරි ගෙයි ලතී සිරිතටම පිරිත් කී හිතට සැනසුම් නැතී පිරිත් සර ඇසි ඇසී කුමරී සැප සේ නිදී

Song Details

Sinhala Title
මලක් අතහැර නොයමි දිවුරා
English Title
malak athahara
තද

Artist

තරිඳු දම්සර

View all songs →

මලක් අතහැර නොයමි දිවුරා (malak athahara) | Tediya Lyrics