මන්දාරම් කළුවරේ

mandaram kaluware

Lyrics

මන්දාරම් කළුවරේ හැන්දෑ අහසට හිතේ සංකාවට හේතු කියන් සිටිනා ඈතින් තරුවක් වගේ ගනදුර පීරා නුඹේ ඇස්වල ආලෝකය මන් දුටුවා අත් අල්ලං ඉක්මන් ගමනින් යං ප්‍රේමය පපුවේ පුරවං වෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන් යනකන් අන්තිම හුස්මන් එක පාරක එකටම යං සාගරයෙන් පීනා ආකාසෙන් පීහිබා කොහේහරි යං සකවල පුරා මිනිසුන්ගේ ප්‍රෝඩා බොරුවෙන් පිරි සිනහා නැති තැන ඉමු අපි ලංවෙලා අත් අල්ලං ඉක්මන් ගමනින් යං ප්‍රේමය පපුවේ පුරවං වෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන් යනකන් අන්තිම හුස්මන් එක පාරක එකටම යං සන්තෝශෙන් දෙන්නා ඉන්නා බව දිවුරා අරමුනු වෙත ලංවෙන තුරා විශ්වාසෙන් මා හා යමු සටහන් තියලා නම් දෙක ඉතිහාසෙට ලියා අත් අල්ලං ඉක්මන් ගමනින් යං ප්‍රේමය පපුවේ පුරවං වෙන ලස්සන තැනක් හොයං හති වැටුනොත් පපුවට වාරුවෙයන් යනකන් අන්තිම හුස්මන් එක පාරක එකටම යං

Song Details

Sinhala Title
මන්දාරම් කළුවරේ
English Title
mandaram kaluware
ගග

Artist

ගයාන් ගුණවර්ධන

View all songs →

මන්දාරම් කළුවරේ (mandaram kaluware) | Tediya Lyrics