Lyrics
අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක්
පසුම්බියේ කාසිපනං අපිට හීනයක්
වැල්ලවත්තතෙ ගල් පර සුව අපට සහනයක්
සමාජයේ සරදම්නම් නෑ ඉමක් නිමක්....//
මල් කුඩයට මුවා වෙලා ආදරෙන්..
පෙම්කුමරිගෙ මුව මඩලට හාදුවක්...
කඩල ගොටුව රජබොජුනක් සේ අරන්..
අපි සැනසෙමු දුප්පත් පෙම හිසදරන්..
අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක්
පසුම්බියේ කාසිපනං අපිට හීනයක්
සිටු කුමරුන් කුමාරියන් අපිතරම්
තරුහෝටල් කාමරවල බදු අරන්
පෙම්කල වරදට දඬුවම් දෙවිදියක්
මේ අවනඩු කියන්නෙ කාටදකියන්
අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක්
පසුම්බියේ කාසිපනං අපිට හීනයක්
වැල්ලවත්තතෙ ගල් පර සුව අපට සහනයක්
සමාජයේ සරදම්නම් නෑ ඉමක් නිමක්...
Song Details
- Sinhala Title
- අපි යන එන මං දන්නැති කුරුලු ජෝඩුවක්
- English Title
- api yana ena man
- Artist
- දමිත් අසංක
දඅ
Artist
දමිත් අසංක
View all songs →