ඇහැලේපොලගෙ පුංචි පුතා

ahalepolage punchi putha

Lyrics

ඇහැලේපොලගෙ පුංචි පුතා මද්දුම බණ්ඩාර යන නාමෙ මද්දුම බණ්ඩාර යන නාමේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලිය වුණා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා බෝගම්බර නුවර බිමේ හැම වැලි කැටයක් පවා ආඩම්බර කඳුළු වලින් අපෙ සෝකය නිවනවා සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලිය වුණා ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්මා සමඟ දරු තුන් දෙනෙකුට මරණය හිමි කළා සිනා වෙලා අම්මා ළඟට ආ මද්දුම වීරයා මැරෙනා සැටි මම පෙන්නන්නම් අයියණ්ඩියෙ කියා මම අයියණ්ඩියෙ කියා සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලිය වුණා යකඩ කඩුව අතට අරන් එන විට රුදු ගහලයා මරණයට බිය වී අයියා අම්මා ළඟට පැන ගියා ඒ රජාගෙ කෲර  ගතිය වීර ලෙයින් පෙන්නලා මද්දුම බණ්ඩාරගේ හිස කඩු පහරින් වෙන් කළා කඩු පහරින් වෙන් කළා සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් ලිය වුණා මද්දුම බණ්ඩාරගේ පොඩි පුංචි නංගි දෙස බලා වංගෙඩියක දා කොටන්න ඒ රජිදා අණ කළා එහෙම හිතක් එහෙම වෙතක් ඉතිහාසෙම නෑ අනේ පියාගෙ නම රැක ගන්නට පුංචි පුතෙක් බිළිවුනේ පුංචි පුතෙකි බිළිවුට්නේ සිංහල ඉතිහාස පොතේ රන් අකුරෙන් අකුරෙන් ලිය වුණා එඩිතර හොඳ පුංචි පුතෙක් ලක් මෑණිට නැති වුණා ලක් මෑණිට නැති වුණා... සිංහලේට නැති වුණා.... ලක් මෑණිට.... නැති... වුණා...

Song Details

Sinhala Title
ඇහැලේපොලගෙ පුංචි පුතා
English Title
ahalepolage punchi putha
ඇර

Artist

ඇන්ටන් රොද්‍රිගෝ

View all songs →

ඇහැලේපොලගෙ පුංචි පුතා (ahalepolage punchi putha) | Tediya Lyrics