සුදු සඳුන් මලක සුවඳ දිගේ

sudu sandun malaka

Lyrics

සුදු සඳුන් මලක සුවඳ දිගේ සිත පැටලෙනවා.. මට කඳුලු දිදී නුඹෙ සුවඳට තව ලං වෙනවා.. ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා.. ඒ අතීතයේ සිතුම් පෙලම මට රිදවනවා.. සඳුන් සුවද තවරාගෙන ඔය වත කමලේ ලැසි ගමන් ලතාවෙන් ආවා හැම හැන්දෑවේ අපි අනන්තයට යන්න නොවේ පාරමි පිරුවේ නුඹ මටත් හොරෙන් කොහෙද ගියේ නෑ මට කීවේ.. සුදු සඳුන් මලක......./ රිදුම් දිදී පෙරදා ගැන මම සිතන්නෙමී ඒ වේදනාව සතුටක් ලෙස අද විදින්නෙමි ඔබ යන්න ගියත් මට පිටුපා දුක් නොවන්නෙමි අද සඳුන් මලක සුවඳ මගේ තනි රකින්නෙමි.. සුදු සඳුන් මලක.../

Song Details

Sinhala Title
සුදු සඳුන් මලක සුවඳ දිගේ
English Title
sudu sandun malaka
චව

Artist

චාමර වීරසිංහ

View all songs →