පොළොන්නරුවේ පොඩි විජේ

polonnaruwe podi wije

Lyrics

පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ දැඩි එඩි පෑ පොඩි විජේ කැළේ රජ වුණා වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහුබැඳ ගියා කලකම් පලදී එයා මරුට බිලි වුණා ගෙනයන්නට බැරි තැන පවුලක බර පොඩි විජේ කලේ ගමට හිරිහැර බැද්දෙට වෙඩි සද්දේ හොඳින් හුරු කර පරසිද්ද වුනා හද්ද පිටිසර මව්පියො සොහොයුරුසොහොයුරියන් රැක ගන්නට වෙහෙසුනා විඳ දුක හිමි නැති සැපතක සිහිනය දැක දැක දරුණුයි කල සැහැසිකම් ටික පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ දැඩි එඩි පෑ පොඩි විජේ කැළේ රජ වුණා වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහුබැඳ ගියා කලකම් පලදී එයා මරුට බිලි වුණා ජිවිත කිහිපයකට කල හානිය දුටු අය පවසාවී සැම දෙය බිහිසුණු අපරාධ වලින් නම ගිය පොඩි විජේට මුළු ගමම බය විය පොඩි විජේ සමඟ එම හිතවත් කල්ලිය වනරොදේ දවස් ගණන් සැඟවිය පසුපස ලුහුබැඳ යන විට නීතිය වෙන කැලයක් දෙසට පැන ගිය පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ දැඩි එඩි පෑ පොඩි විජේ කැළේ රජ වුණා වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහුබැඳ ගියා කලකම් පලදී එයා මරුට බිලි වුණා නොදැනයි සැරසුනේ අන්තිම සටනට පනස්දහක් බලෙන් ගන්නට ලැබුණා ඔත්තුව රැක්කා හරියට මින්නේරිය රජ ඇල අවට පැන ගිය මුත් එතැනදි වී කලබල හවරියපැලැස්ස වනරොද අසල ඇසුණා හඬ පොඩි විජේගේ එමකල වෙඩි හඩ පිට වුණ වන තුල පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ දැඩි එඩි පෑ පොඩි විජේ කැළේ රජ වුණා වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහුබැඳ ගියා කලකම් පලදී එයා මරුට බිලි වුණා පැන්නා ගැලවීමට කටු අකුලට වැදුණා වෙඩි එකක් එක පිට වැටුණ පොඩි විජේ අවසන් නින්දට නීතිය රජ වුණා සදහට කටුකෙලිය ගම නිසසල පෙදෙසකි හොර මැරකම් සෙමින් යයි මැකී අඬමින් ජීවත් වීමත් අපුලකි දැහැමින් මිය යෑම සැපතකි පොළොන්නරුවේ පොඩි විජේ වෙඩි නොවදින පොඩි විජේ දැඩි එඩි පෑ පොඩි විජේ කැළේ රජ වුනා වෙඩි පිට වෙඩි තිය තියා නීතිය ලුහුබැඳ ගියා කලකම් පලදී එයා මරුට බිලිවුනා

Song Details

Sinhala Title
පොළොන්නරුවේ පොඩි විජේ
English Title
polonnaruwe podi wije
ඇජ

Artist

ඇන්ටන් ජෝන්ස්

View all songs →