Lyrics
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
මටද නොහැක මල් විමන් තනන්නට
නමුදු සොඳුරේ මේ සුවිසල් අහස යට
අපේ සුසුමන් හමුවෙලා මුමුනනු ඇත
අතැඟිලි නොබැදෙන සිත බැඳි සෙනෙහස
සසර පුරා ලඟ ඉන්න ඇතී
මේ අත් බවයෙත් ඒ වාගෙම අපි
හමුවී වෙන්වී යන්න ඇතී
හමුවී වෙන්වෙමූ සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකිනකොට
ඉසුරුමුණිය පෙම් යුවළ නොවෙයි අප
හිනහෙමු කඳුලැලි සඟවා හිත යට
Song Details
- Sinhala Title
- ඔබට නොහැක මගෙ සෙවනට එන්නට
- English Title
- obata nohaka mage
- Artist
- සෙන්ටිග්‍රේඩ්ස්
ස
Artist
සෙන්ටිග්‍රේඩ්ස්
View all songs →