බොරු චෝදනා මවා මට හැමවෙලේ

boru chodana

Lyrics

බොරු චෝදනා මවා මට හැමවෙලේ සමුගත්තෙ ඔබ මිසක් මමනම් නොවේ යන්තම් සානුකම්පාවක් ඇතිනම් සිතේ ඔබ නෑ මාව රිදවන්නෙ අද මේ වගේ අලුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිමවෙලා මවෙතින් ලැබුන සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා නැවතත් එන්න හැකිනම් ලඟට සැනෙකින් පියනගා අදටත් ඔබව මාගේ පනට වැඩියෙන් වටිනවා ඔබව නැති ලොවක් පෙනෙන සිහිනෙකත් දුටුවෙ නැති නිසා මම එදා නැවත හෙට ඉදන් බිදුනු හිත හදන් ඉන්නෙ කොහොමදෝ තනිවෙලා...// අලුතින් තැනුව ඔබගේ ඇසුර මගකින් නිමවෙලා මවෙතින් ලැබුන සෙනෙහේ තරම දැනුනොත් සිහිවෙලා නැවතත් එන්න හැකිනම් ලඟට සැනෙකින් පියනගා අදටත් ඔබව මාගේ පනට වැඩියෙන් වටිනවා මතක පොදිබැදන් චිතකයක් හදන් එයට ගිනිතියා දල්වලා කොහොම අළුකලත් ඔබව මතකයෙන් දුරස් වෙන්නෙ නෑ කිසිමදා...// බොරු චෝදනා...

Song Details

Sinhala Title
බොරු චෝදනා මවා මට හැමවෙලේ
English Title
boru chodana
රඅ

Artist

රුක්මන් අසිත

View all songs →