දුක හිතුනද පැන්චියේ ළඟ නැහැ කියලා

duka hithunada panchiye

Lyrics

දුක හිතුනද පැන්චියේ ළඟ නැහැ කියලා... දුර රටකට මන් ගියේ අපි ගැන හිතලා.. ඔබේ සුවඳම ළඟ තියේ අනේ නැහැ මැකිලා... පපුවම මගෙ ඇවිලුනේ හීනෙන් දැකලා... හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මන් එන්නේ ඉගිලිලා.... වැලපෙන්නේ හදවත කකියන්නේ කඳුලැලි රූරන්නේ ඔබ නිසා.... ඔබෙ රුව ඇත මා ළයේ ගැඹුරට ඇඳිලා... නැත හිත කොහෙවත් ගියේ ඔබෙ ළඟ ඉඳලා... සිප ගත් හැටි ගොම්මනේ ඔය ඇස් වහලා.... මතකද මන් හැන්ගුනේ උණුහුම හොයලා... හඬවන්නේ නෑ හිත පාරන්නේ අද හෙට මන් එන්නේ ඉගිලිලා....//

Song Details

Sinhala Title
දුක හිතුනද පැන්චියේ ළඟ නැහැ කියලා
English Title
duka hithunada panchiye
ජර

Artist

ජූඩ් රොගන්ස්

View all songs →