Lyrics
නෙත් යුග රන් තරු යුවල තමයි
තොල් පෙති නා දලු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
(ඔබ සොයනා කලු කෙල්ල මමයි....// )
අඳුරෙන් බර වැහි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවන මවා
(දිය දහරක් වෙමි පවස නිවා....//)
නෙත් යුග රන් තරු යුවල තමයි......
රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ අත නෑරේ
(දුක හෝ සැප විඳගමු මිහිරේ....// )
නෙත් යුග රන් තරු යුවල තමයි......
Song Details
- Sinhala Title
- නෙත් යුග රන් තරු යුවල තමයි
- English Title
- neth youga ran tharu
- Artist
- ඉන්ද්‍රාණි පෙරේරා
ඉප
Artist
ඉන්ද්‍රාණි පෙරේරා
View all songs →