මල් පොකුරක් අතේ තියන් වුණාට ඔබ මනමාලිය

mal pokurak athe

Lyrics

මල් පොකුරක් අතේ තියන් වුණාට ඔබ මනමාලිය පුංචි නංගි අපේ ගෙදර හිටිය එකම හැඩකාරිය විඳගන්නට බැරි තරමයි අයියට ඔබෙ වෙන්වයාම අම්මා නැති අපට අම්මා වුණෙත් පුංචි නංගියාය ගෙදර දොරේ වැඩපලටත් තිස්සෙම කඩිසර පාටයි කියන කියන දේ අහගෙන දෙන උත්තර කටකාරයි අබ්බගාත තාත්තාගේ ලඟින් සිටිය හඳපානයි වාවගන්න බැරි තරමට අපේ කඳුලු දඟකාරයි මල් පොකුරක් අතේ තියන්...... සුභ නැකතට යන ගමනෙදි නැති බැරිකම් නොපෙනේවා මේ කටු මැටි බිත්ති හතර මංගල තිළිණය වේවා දෙපා වඳින විට ඇවිලෙන හද ගින්දර නොදැනේවා ඔබෙ පෙම් ලොව නිර්මල රතු රෝස මලක් පිබිදේවා මල් පොකුරක් අතේ තියන්......

Song Details

Sinhala Title
මල් පොකුරක් අතේ තියන් වුණාට ඔබ මනමාලිය
English Title
mal pokurak athe
අම

Artist

අජිත් මුතුකුමාරණ

View all songs →

මල් පොකුරක් අතේ තියන් වුණාට ඔබ මනමාලිය (mal pokurak athe) | Tediya Lyrics