Lyrics
අකුරට යන්නට කම්මැලි හිතිලා
බොරුවට අඩනා පුංචි දුවේ
මමත් ඔබ වගේ මං පොඩි කාලේ
ඔහොම කළා මට මතක තියේ//
මං පොඩි කාලේ......
මල්ලි සමගින් වැලි පොල් කටු ගෙන
සෙල්ලම් ගෙයි බත් උයන්න හිතුනද
නැතිනම් මල්ලිගෙ ඇදුරුතුමිය වී
පුංචි පාසලක් දමන්නට හිතුනද
අකුරට යන්නට......
සෙල්ලම් යුගයක් අවසන් වීලා
සෙල්ලම් ගෙය අමතක වී යන සද
කෙලි සෙල්ලම් වල අරුමය මතුවට
වැටහෙයි පාසැල් නොගියොත් හෙම අද
අකුරට යන්නට.......
Song Details
- Sinhala Title
- අකුරට යන්නට කම්මැලි හිතිලා
- English Title
- akurata yannata
- Artist
- ස්වර්ණලතා කවීශ්වර
සක
Artist
ස්වර්ණලතා කවීශ්වර
View all songs →