නියඟලා මලක් වෙලා පිපී

niyagala malak wela

Lyrics

නියඟලා මලක් වෙලා පිපී මගේ හද උයනේ ආදරෙයි කියා මගේ සිතට සිසිල ගෙනාවේ කොයි තරම් රුවැති මල් පිපුණත් නෑ මා පැතුවේ නියගලා මලේ රුව විතරයි මා නම් දුටුවේ... මුළු හදින් එදා මට පෙම් කල අහිංසකාවී මගෙ සෙනෙහෙ අරන් යන්න ගියා කොහෙදෝ සැගවී හිත හදා ගන්න බෑ මට නම් හැඩුවත් වැලපී ජීවත් වන හැම මොහොතක ඉපදෙනවා මැරි මැරී.. නියගලා මලක් වෙලා පිපී....// ලස්සන දුටුවත් පෙරදා මා නියගලා මලේ විෂ සඟවා ගෙන ඉන්නා බව නම් නෑ දුටුවේ ඔබ ගිනි අවුලා අළු කරදා මගේ ආදරේ හැර ගිය දා සිට සැනසීමක් නෑ මගේ සිතේ නියගලා මලක් වෙලා පිපී...//

Song Details

Sinhala Title
නියඟලා මලක් වෙලා පිපී
English Title
niyagala malak wela
අත

Artist

අරුණ තමෙල්

View all songs →

නියඟලා මලක් වෙලා පිපී (niyagala malak wela) | Tediya Lyrics