හෙමින් සැරේ ඇවිත් ඔයා

hemin sare awith oya

Lyrics

හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න.. මාගෙ ජීවිතේ පුරා කව්රුන් බලා හිටියත්, ඔබෙ.. ලඟට ඇවිත් දෙතොල් ඔබේ සිප ගන්න හිතෙනවා කව්රුන් හිනා උනත් අනේ.. රත්තරන් ඔයා දිහා.. බලා ඉන්න හිතෙනවා හිතේ හැඟුම් ගොඩක් තියන් ඔයා දිහා බලාන ඉන්න ජීවිතේ කෙටී සිතෙනවා හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා මෙ අහස තරම් දුර සිත් අහසේ තනි වුවොත් දැනෙයි මගේ ආදරේ මෙ සයුර තරම් රුදු හද ගැබුරේ ලියුවොතින්. දැනෙයි මගෙ ආදරේ හදේ සිතුම් වැලක් කඩා. ගීතෙකින් ලියා ගොතා ඔයා ලඟින්. තියන්නම්. ආදරෙන් රත්තරන් හෙමින් සැරේ ඇවිත් ඔයා මගේ කනට කොදුරලා ගියා ඔයා මගෙයි වෙන කාගෙවත් නොව්යි කියා සිතින් අනේ පතන්නෙ මා ඔයත් මගේම වෙන්න කියා ඔයා රකින්න මාගෙ ජීවිතේ පුරා...

Song Details

Sinhala Title
හෙමින් සැරේ ඇවිත් ඔයා
English Title
hemin sare awith oya
වප

Artist

විරාජ් පෙරේරා

View all songs →