තිස්සමහාරාම පෙරහැරේ

thissamaharama perahare

Lyrics

තිස්සමහාරාම පෙරහැරේ ඉස්සරහම කස පුපුරන්නේ ඒ බිදුනු හිතත් කසයක් වාගේ ඇයි මේ තරම්ම ගිනි අවුලන්නේ හේවිසි හඩ ඇහුනාම මගෙ හද උනු කඳුළු වෙවි වැටුනි පහලට // මාලඟින් ඉඳන් පෙරහැර බැලුව ලස්සන පරසතු මල අද කොහෙද තිස්සමහාරාම පෙරහැරේ..... බොරු කකුල් කාරයොත් පේලි සැදී බොරු නොකරන බව කීවෙ මට ඔබයි // පෙරහැරෙ අසිරිය මතකය පාරයි මගෙ කඳුළු තිස්ස වෙහෙරට බාරයි තිස්සමහාරාම පෙරහැරේ.......

Song Details

Sinhala Title
තිස්සමහාරාම පෙරහැරේ
English Title
thissamaharama perahare
අම

Artist

අජිත් මුතුකුමාරණ

View all songs →