නොකියනා හැමදේම

nokiyana hemadema

Lyrics

නොකියනා හැමදේම දැනුනු බව දැනුනාද සෙනෙහේ මගෙ මදිවීද ආදරෙයි පන සේම දැන්වත් කියන්න ඔය හිත හදන්නේ මා අත් හරින්න නේද නොබලා මා දිහා දෑස සගවලා ඉන්නේ ඇයි හදවත රිදවා සිනහා මැලවිලා දෙතොල ගොලුවෙලා නොකියනා රහස කදුලින් පෙනුනා තව කල් ගෙවෙන්න බැරිවෙයි දරන්න හැර යනවද අත මාගේ කොහොමද කියන්න ඔබ හැර හිදින්නේ ඔබ මගෙ හදවත වාගේ... නොනිද රෑ පුරා හීන ඉහිරුනා වාවන්නට බැරිතැන හැඩුවා ඔබ වෙනස් වෙලා යයි දුරස් වෙලා අදහගන්න බැරි හිත හිරි වැටිලා තව කල් ගෙවෙන්න බැරිවෙයි දරන්න හැර යනවද අත මාගේ... කොහොමද කියන්න ඔබ හැර හිදින්නේ ඔබ මගෙ හදවත වාගේ.

Song Details

Sinhala Title
නොකියනා හැමදේම
English Title
nokiyana hemadema
වප

Artist

විරාජ් පෙරේරා

View all songs →