වක්කඩ ළඟ දිය වැටෙන තාලයට

wakkada laga diya watena

Lyrics

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට තිත්ත පැටවු උඩ පැන නැටුවා.. වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුළින් විදුලිය කෙටුවා.. කිව්වට වස් නැත නිල් නිල් පාටින්.. කටරොළු මල් වැට වට කෙරුවා.. තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා.. ගල මතුපිට මල පිපෙන්න මල මත බඹරිදු නටන්න.. වැහි වැහැලා ගග පිරෙන්න.. ගග උතුරා හිත පිරෙන්න.. ගලා හැලෙන වැහි වතුර වගෙයි නුඹ.. හිනාවෙයන් කලු හිනාවෙයන්.. වෙලා මගේ හිත හිනාවකින් තව.. හිනාවෙයන්  කලු හිනාවෙයන් ..

Song Details

Sinhala Title
වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
English Title
wakkada laga diya watena
පඅ

Artist

පණ්ඩිත් අමරදේව

View all songs →