හෙල ජාතික අභිමානේ

hela jathika abhimane

Lyrics

හෙල ජාතික අභිමානේ.... වැඩු විරුවන්සේ පොරනේ.... දිනූ මව්බිම සවුසිරියෙන් සරසවු පිබිදෙවු පිබිදෙවු සැරසෙවු..// වීර විකුම් පෑ පෙර දරුවෝ... දෙස රැස මුරකෙරුවෝ.... ඒ ලෙය ඇති ඔබ සුර විරුවෝ... නොම වවු ණය කරුවෝ... දැය දියුණට පැද යන නැවියා... ගොවියා බිම... දෙවියා.. සැපතෙහි විපතෙහි නොතැවෙයි නොසැලෙයි අටලෝ දම හුරු හෙළයා...// හෙල ජාතික අභිමානේ..../ මුහුදට ඈදෙන මහා ගංගා.. කුඹුරට යළි හරවා...... ධාන්‍ය වගාකොට සිරිලක මේ.. පෙරදිග කෙත කරවා..... අරපිරිමැස්මට පුරුදු වෙලා.. බිඳලව් දුක.. සංකා..... පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා...// හෙල ජාතික අභිමානේ..../

Song Details

Sinhala Title
හෙල ජාතික අභිමානේ
English Title
hela jathika abhimane
සට

Artist

සී. ටී. ප්‍රනාන්දු

View all songs →

හෙල ජාතික අභිමානේ (hela jathika abhimane) | Tediya Lyrics