මගෙ දුවේ ඔබ අවදියෙන් නම්

mage duwe oba awadiyen nam

Lyrics

මගෙ දුවේ ඔබ අවදියෙන් නම් මේ රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරුකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළව කොතරම් සුන්දරද මගේ දූ තනියම හිනාවෙයි මගෙ දුවේ ඔබ..... ගණ කළුවරට අප පෙම් කළොත් ඉර හඳ තරුවලට ණය ගැතියි ලොව දුන්නු දේවල් අද අපිට හෙට ලොවට පෙරළා දිය යුතුයි ඔබ මේ ලොවට ආදරෙයි නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි මගෙ දුවේ ඔබ.....

Song Details

Sinhala Title
මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
English Title
mage duwe oba awadiyen nam
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →