එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ

epa yali hamuwanna

Lyrics

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ ඔබෙන් මට උරුම වූ වේදනා කඳුළු ගඟ හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ළඟ ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න සංසාර ගමන්මඟ සෙනෙහස සොයා දිනක ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ළඟ එපා යළි හමුවන්න....... ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ මගේ මතකය වසා සදාකල් රැඳෙනු ඇත සංසාරයේ යළිදු නවාතැන් සොයා යන මගේ මළගම දාට ඇවිත් යන්නට එන්න එපා යළි හමුවන්න..........

Song Details

Sinhala Title
එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
English Title
epa yali hamuwanna
සඑ

Artist

සුනිල් එදිරිසිංහ

View all songs →

එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ (epa yali hamuwanna) | Tediya Lyrics