Lyrics
ජීවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
තමා අතට තම අතවත් සෙවණක් නැති වෙද්දී
විරිත්තන්න දහස් ගණනක් මඟ බලන ඉද්දී
නුඹට සැපක්දො මේ ඇස් කඳුලින් තෙත් වෙද්දී......
මල් නටුවට පිණි බිඳුවක් බර වැඩි නැති හන්දා
මල් රේණුව හිස නමාන මේ ලෝකෙට වැන්දා
හීන පොකුරු හිත පුරෝන අපි කසාද බැන්ද
මංගල රැ එළිවෙනතුරු නුඹ සමාව යත්දා
ජීවිතයේ හොඳම හරිය.......
මුළු ලෝකෙට හොඳ මුණක් පේන්නන්නට හන්දා
ඔබ වෙනුවෙන් මේ වනතුරු අපමණ දුක් වින්දා
තව දුරටත් ඒ ගැනනම් කියන්න බැරි හන්දා
ගැණියකට සමාවදී රැවටූනාද මංදා
ජීවිතයේ හොඳම හරිය........
Song Details
- Sinhala Title
- ජීවිතයේ හොඳම හරිය අවුල් වෙලා යද්දී
- English Title
- jiwithaye hodama hariya
- Artist
- චාමර වීරසිංහ
චව
Artist
චාමර වීරසිංහ
View all songs →