Lyrics
නොමග නොයන් පුතේ
නුබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම ඔබට
බාරයි මගෙ පුතේ //
අද කැඩු දේ හෙට ඕනෑ විය හැකි වන නිසා
රටට උරුම කිසිම දෙයක් බිම නොදමන් නසා //
තරුණ සවිය රට නැගුමට යොදනු හොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගෙ පුතා //
නොමග නොයන් .....
යෝධ මහල් නැහැ කොහෙවත් එක දවසින් සැදුණේ
ගඩොලින් ගඩොලක් තබලා සෙමෙන් සෙමෙන් බැදුනේ //
දුර නොබලා ඉක්මන් වී
නෑ නෑ පල ලැබුණේ
යන්නේ කොහේදැයි නොම දැන නොයන් ගමන් පුතුනේ //
Song Details
- Sinhala Title
- නොමග නොයන් පුතේ
- English Title
- nomaga noyan puthe
- Artist
- විල්බට් ඇන්තනි
වඇ
Artist
විල්බට් ඇන්තනි
View all songs →