Lyrics
ආ මඟ වැරදී යන මං නොපෙනී
තනි වී දෙවිඳුන් නැති දෙවොලේ
කවුරු යදින්නද කවුරු පතන්නද
හිරු සඳුවත් නැති මිහිමඩලේ
සඳගලතැන්නේ පාමුල සීතල වතුරේ
නුඹෙ සෙවනැළි පාවෙයි නිල් දිය රැළි අතරේ
දම් පඳුරෙන් මංකඩ ලඟ ගොම්මං අඳුරේ
දියබුං හඬ නෑ දැන් එය සිහිනෙකි මිහිරේ
හඬා දොඩා කීවත් නුඹ කවුරුද ඇසුවේ
ප්‍රාර්ථනා ගඟ උතුරා කඳුළැලි ගැලුවේ
මංදාරම් අහස වැසූ මිහිඳුම් සළුවේ
කිම්ද සොඳුරු ජීවන මඟ හිරිකඩ හෙළුවේ
ගායනය : අමරසිරි පීරිස් / ශෂිකා නිසංසලා
සඳගලතැන්න ටෙලි නාට්‍යයෙන්
Song Details
- Sinhala Title
- ආ මඟ වැරදී යන මං නොපෙනී
- English Title
- aa maga waradi yana
- Artist
- අමරසිරි පීරිස් / ශෂිකා
අප
Artist
අමරසිරි පීරිස් / ශෂිකා
View all songs →