සල් සපු නා නිල් මහනෙල්

sal sapu naa nil mahanel

Lyrics

සල් සපු නා නිල් මහනෙල් කුමුදු සමන් - මල් අතරේ..// කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ.. කිඩාරම් මලේ පවා..සුවඳ දිග හැරේ.. පළිඟු රුවන් මිණිමුතු මෙන් පහන් දිලෙනවා.. එබඳු පහන් අඳුරු විමන් පහන් කරනවා.. වැලිතලේ - සැඟවිලා - රුවන් හැදෙනවා.. එය හැඟී නෙත මගේ කඳුළු සලනවා.. සල් සපු නා - නිල් මහනෙල්.. වීණාවෙන් බිළිඳු තතින් මිහිරි ස්වර වැයේ.. සුපෙම් හැඟුම් උපද්දවයි දුගී වුව ළයේ.. කළු වළා - වල පවා - රිදී ඉරි තියේ.. කිමද මේ නියදහම් අමතක ව ගියේ.. සල් සපු නා - නිල් මහනෙල්..

Song Details

Sinhala Title
සල් සපු නා නිල් මහනෙල්
English Title
sal sapu naa nil mahanel
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →