සීතල හාදුවකින් දෙකුපුල් තෙමපු

sithala haduwakin seethala haduwakin

Lyrics

සීතල හාදුවකින් දෙකුපුල් තෙමපු ලස්සන මතක අපේ හසරැල් පිරුණු දුක්බර කදුලු වලින් පොගවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු ..... නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා.... අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා හමුවන්නට එනවද.... නා කපන අනෝරා වැස්සක අකුණු නිසා .... පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැති වෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද... නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ...

Song Details

Sinhala Title
සීතල හාදුවකින් දෙකුපුල් තෙමපු
English Title
sithala haduwakin seethala haduwakin
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →

සීතල හාදුවකින් දෙකුපුල් තෙමපු (sithala haduwakin seethala haduwakin) | Tediya Lyrics