Lyrics
ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව
දාල ගියෙ ඇයි මේ ලෙස ළමා නිවාසයක
දෙමව්පියන් නිතර ඇවිත් දන් දෙනවා මෙහෙට
ඒ පින් වත් ලබා ගන්න අම්මෙ ඇවිත් යන්න
මං මෙලොවට ඉපදීමත් කරදරයක්ලූ
මේ තත්වෙට මං වැටුනේ ඔබෙ වරදින්ලූ
යන එන අය මං ගැන තව තව හොයනවලූ
ලස්සන කොලු පැටිය කියල යන්න යනවලූ
ගොළු දරුවෙක් .......
හදාගන්න අරන් යන්න ඉල්ලනවා මාව
දැනගත්තම ගොළුයි කියල දාල යනව මාව
මේ ලිපිය ලියන්නේ දකින්න මගෙ සුදු අම්මාව
වැඳල කියන්නම් අම්මේ අරං යන්න මාව
අරං යන්න මාව
ගොලු දරුවෙක් ......
Song Details
- Sinhala Title
- ගොළු දරුවෙක් වුණා කියල අනේ අම්මෙ මාව
- English Title
- golo daruwek una
- Artist
- අසංක ප්‍රියමන්ත
අප
Artist
අසංක ප්‍රියමන්ත
View all songs →