Lyrics
වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ
පුන්සඳ වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ
දුක දීලා ආයේ
මගෙ ලෝකේ කළුවර උනා //
මාදූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹෙ පය නැතුව හැඩ පහර අසරණ වෙලා //
ගඟ අයිනේ අපි දෙන්න කරමින් කතා
මැව් හීන උහුලන්න බැරි දැන් තමා
වෙරළු ගෙඩි පැහෙන කාලේ....
වැලි කූඩ ගොඩ දැම්මෙ නුඹ ගැන සිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා //
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුඹ දෙන්න මං තනි වුනා
වෙරළු ගෙඩි පැහෙන කාලේ......
Song Details
- Sinhala Title
- වෙරළු ගෙඩි පැහෙන කාලේ
- English Title
- weralu gedi
- Artist
- චාමර රණවක
චර
Artist
චාමර රණවක
View all songs →