නෙලුම් විලෙන් පැන

nelum wilen pena

Lyrics

නෙලුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නෙ කොහොමද... සත් සියයක් සෙනග පරිද්දෙන් එකලු උනා ඔබ අකුණු පරිද්දෙන් ඔබටම සිතගියෙ සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් සසර පුරුද්දෙන් නෙලුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නෙ කොහොමද... හින්දියෙන් දොඩන ලියක් ගෙනේවි තම්බපන්නියම දුකෙන් හඩාවි සිංහබාහු පරපුරක් සදාවි රාජධානියම කදුලු සලාවි...// නෙලුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙම් කරලා හැර යන්නේ කොහොමද නෙලුම් විලෙන් පැන කිතුල් මලින් පැන මල් කිනිත්තක රොන් පොදක් ගෙන පෙති තලලා දුර යන්නෙ කොහොමද...//

Song Details

Sinhala Title
නෙලුම් විලෙන් පැන
English Title
nelum wilen pena
දව

Artist

දුෂ්‍යන්ත් වීරමන්

View all songs →