Lyrics
මේ ඉර හදට වඩා මට
එළිය ඔබයි අම්මා...
හිරු සදු මියෙන තුරා මම
ඔබව රකිම් අම්මා...
අම්මා...එළිය ඔබයි අම්මා...
මේ දිවි කතරේ මා යන ගමනේ
අත්වැල නැති දවසේ...//
දිරිය වඩා ඔබ ළග උන්නා
දිවිය පුරා සෙනෙහස දුන්නා...
මේ ඉර හදට වඩා...
මා ගැන එදිනේ ඔබ දුටු සිහිනේ
මට හිමි අද දවසේ...//
කදුළු පිරී ඔබේ දෙනෙත පුරා
සතුට පිරී ඇති බව දැනුණා...
මේ ඉර හදට වඩා...
Song Details
- Sinhala Title
- මේ ඉර හදට වඩා මට
- English Title
- me ira hadata wada
- Artist
- කිංස්ලි පීරිස්
කප
Artist
කිංස්ලි පීරිස්
View all songs →