සිහින නෙලුම් මල් පොකුණු පුරා

sihina nelum mal pokunu pura

Lyrics

සිහින නෙලුම් මල් පොකුණු පුරා මගෙ පුතුගේ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලෝකේ ඒ සිහිනෙන් පහන් කලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා බලා හිදින්නම් මා දිව රෑ පුතේ මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ සුළැගිල්ල පටලා හෙට යං පුතේ ඇවිදින්නට මා හා මිදුලේ වටේ අම්ම කියූ නාමේ මට දුන් පුතේ රාජිණියකි දැන් මා පුතුගේ පිනෙන් හැම මව්වරුන් සේ අම්මා නුඹේ සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින් පුතු දකින උදයේ හැමදාම දැං නව දවසකි මටනම් දෙන වාසනා හිරු සඳු දවල් රෑ මට පායනා පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ සිහින නෙලුම් මල් පොකුණු පුරා මගෙ පුතුගේ කිරි සිහිනේ සුවඳ කලා මගෙ ලෝකේ ඒ සිහිනෙන් පහන් කලා කිරි සුවඳ දේ මුවගේ පවන් සලා....

Song Details

Sinhala Title
සිහින නෙලුම් මල් පොකුණු පුරා
English Title
sihina nelum mal pokunu pura
මග

Artist

මරියසෙල් ගුණතිලක

View all songs →

සිහින නෙලුම් මල් පොකුණු පුරා (sihina nelum mal pokunu pura) | Tediya Lyrics